‘මුදල්‘, ‘මූල්‍යකරණය‘ හෝ ‘මූල්‍ය‘ යන වචනවලට වාරණයක්

36

මුදල් ව්‍යාපාර පනතට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා මිස, ‘මුදල්‘, ‘මූල්‍යකරණය‘ හෝ ‘මූල්‍ය‘ යන වචන තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ ඒ තැනැත්තාගේ නමේ හෝ විස්තරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස භාවිතා කරනු නොලැබිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම ‘මුදල්‘, ‘මූල්‍යකරණය‘ හෝ ‘මූල්‍ය‘ යන වචනවලින් සෑදුන යම් වචනයක් හෝ එහි යම් අන්වක්ෂරිකරණයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් ද එසේ භාවිතා කරනු නොලැබිය යුතු බව ද මහ බැංකුව පවසයි.

මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉහත ප්‍රතිපාදනය උල්ලංඝණය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලයකු මෙම පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව පනත යටතේ වරදකට වරදකරුවෙක් වන බවයි. එබැවින් ඉහත කී නීතිමය අවශ්‍යතාව පිළිපදින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට තරයේ අවවාද කර සිටින බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment