මුම්බායි ඉන්දියන්ස් පෙරළි කරමින් උඩට එයි

26

අද්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙදෙනකු වන ටේ‍රන්ට් බෝල්ට්ගේ විශිෂ්ට පන්දු යැවීමත්, රෝහිත් ශර්මාගේ කැපී පෙණෙන පිතිකරණයත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 41වන තරගය වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට මුම්බායි කණ්ඩායම සමත්විය. මෙය මුම්බායි කණ්ඩායම පිට පිට ලබාගත් සිව්වන තරග ජය ලෙස සටහන් වූ අතර, මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය සනිටුහන් කර ගැනීමට ද ඔවුන් අවකාශ ලැබිණි.

පෙරේදා (23 දා) හයිද්‍රාබාද් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබාගැනීමට සමත් වුවද, ලකුණු 144ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගනිමින් තරගය ජය ගැනීමට සමත්විය.

සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී හෙන්ද්‍රිච් ක්ලාසන් ලකුණු 71ක් සහ අභිනව් මනෝහර් ලකුණු 43ක් ලැබීය.

පන්දු යැවීමේදී ටේ‍රන්ට් බෝල්ට් ලකුණු 26කට කඩුලු 4ක්, දීපක් චහර් ලකුණු 12කට කඩුලු 2ක් බිඳහෙළීය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී රෝහිත් ශර්මා ලකුණු 70ක්, සූර්ය කුමාර් යාදෙව් ලකුණු 40ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී යාදෙව් උනඩ්කට්, ෂීෂාන් අන්සාරි සහ එෂාන් මාලිංග 1 කඩුල්ල බැගින් දවාලීය.

තරගයේ වීරයා ලෙස ටේ‍රන්ට් බෝල්ට් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment