මුහුදේදී පෙට්‍රල් බෝම්බ ගහලා පිලිස්සුණු ධීවරයා කරාපිටිය රෝහලට

76

බහුදින යාත්‍රාවක යමින් සිටියදී දකුණු මුහුදේදී වෙනත් යාත්‍රාවක සිට එල්ලවූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිලිස්සුම් තුවාල ලැබූ ධීවරයකු ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කළ බව නාවික හමුදාව පවසයි. ගාල්ලේ සිට නාවික සැතපුම් 431 ක් පමණ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මෙම සිද්ධිය වාර්තා විය.

නාවික හමුදා නෞකාවෙන් ගාල්ල වරාය වෙත රැගෙන ආ එම ධීවරයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එම යාත්‍රාව ගාල්ලේ සිට ශ්‍රී ලංකාවට නිරත දෙසට වන්නාවූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක හැපී ඇත. එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් මෙරට බහුදින යාත්‍රාවේ සිටි ධීවරයකු පිලිස්සුම් තුවාල ලබා ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට දැනුම්දී තිබිණි.
ලලිත් චාමින්ද හා එස්. කේ. කළුආරච්චි, ප්‍රදීප් ප්‍රසන්න සමරකොන්, චමින්ද සිල්වා


advertistmentadvertistment