ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කරයි

55

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් “නව අවස්ථාවන් හඳුනාගනිමින්, නව බැඳීම් නිර්මාණය කරමින්” යන තේමාව යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වර්ධනය කළ හැකි ආකාර සොයා බැලීමට සංවිධානය කළ ආරක්ෂක සහයෝගීතා සමුළුවක් 2024 අප්‍රේල් 10 වන දින කොළඹ, ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැත්විණ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක නිෂ්පාදන) ශ්‍රී අනුරාග් බජ්පායි මහතා ප්‍රමුඛ ඉන්දියානු නියෝජිත පිරිස සමඟ සමුළුවට සහභාගී විය. හින්දුස්ථාන් ඒරෝනොටික්ස් ලිමිඩට්, භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ්, සෙන් ටෙක්නොලජීස්, SSS ඩිෆෙන්ස්, භාරත් ෆෝජ්, බිග් බෑන්ග් බූම් සොලියුෂන්ස්, AWEL , AVNL , මහින්ද්‍රා ඩිෆෙන්ස්, සාගර් ඩිෆෙන්ස් සහ ටාටා ඇඩ්වාන්සස් සිස්ටම් ලිමිටඩ් ඇතුළු ඉන්දියාවේ ආරක්ෂක සමාගම්වල නියෝජිතයන්ගෙන් ඉන්දීය නියෝජිත පිරිස සමන්විත විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමා සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ, පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයන් රැසක් ද සමුළුව සඳහා සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment