මෙම මාසයේ මුල් දින 10 ට සංචාරකයින් 67767ක් ඇවිත්

30

මේ මාසයේ (නොවැම්බර්) මුල් දින 10 තුළ මෙරටට විදේශ සංචාරකයින් 67767 ක් පැමිණ ඇත.

මේ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1682482 ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව තවත් දින කිහිපයකින් සංචාරක පැමිණීම්වල මිලියන 1.7 කඩඉම පසුකිරීමට හැකි වනු ඇත.

නොවැම්බර් 01 සිට 10 දක්වා කාලපරිච්ඡේදය තුළදී රුසියාවෙන් 9680ක්, ජර්මනියෙන් 4899ක්, එක්සත් රාජධානියෙන් 3709ක්, ඕස්ටේ්‍රලියාවෙන් 2303 ක් ලෙසින් වැඩි වශයෙන් මෙරටට විදෙස් සංචාරකයින් පැමිණ ඇත. මෙම වකවානුව තුළ වැඩියෙන්ම මෙරටට සංචාරකයින් පැමිණි රට ලෙසින් ඉන්දියාව සටහන් වන අතර එම ප්‍රමාණය 15197 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment