මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් 500කට බි‍්‍රතාන්‍යයේ සරසවි පාඨමාලා

197

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වන රූපලාවණ්‍ය ශිල්පීන් 500 දෙනකු හට රුපියල් ලක්ෂ 1005 ක වටිනාකමකින් යුතු බි‍්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථා හිමිව ඇත.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා ඉකුත් 25 දා Cambridge and Oxford Members Club හි සිට ONLINE තාක්ෂණය ඔස්සේ රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ නිරත වන නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව කළ ඉල්ලීමකට මෙම අවස්ථාව හිමිව තිබේ.

එ් අනුව මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් හට රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ රූපලාවණ්‍ය චිකිත්සක (Beauty Therapy), ඇරෝමා චිකිත්සාව (Aroma Therapy), නිය කාර්මික (Nail Technician), කොණ්ඩා මෝස්තර සහ කළමනාකරණය (Hair Dressing and Management) යන අංශ හතරක් ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව හිමිවනු ඇත.

ඒ අනුව පළමු අදියරේ දී 500 දෙනකුගෙන් යුත් පිරිසකට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන අතර එහිදී වසරක කාලයකින් යුත් මෙම පාඨමාලා සඳහා එක් අයෙක් වෙනුවෙන් වැයකරන මුදල රුපියල් ලක්ෂ දෙකකට අධිකය. පාඨමාලාව සම්පූර්ණ කරන රූපලාවණ්‍ය ශිල්පීන්හට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත‍්‍රයක් හිමිවනු ඇත. මෙහිදී අදාළ පාඨමාලා බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව හදාරන පිරිසට මව්බසින් සහාය ලබා ගැනීම සඳහා ද අවස්ථාව උදාවනු ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment