මෙරට වාහන අලෙවි ක්‍ෂේත්‍රයේ ‘මාලබේ මහානාම’ 09 වන සංවත්සරය සමරයි

39

ලංකාවේ වාහන සම්බන්ධව කතා කරන විට පෙරමුණේ සිටින අමතක කළ නොහැකි නාමයක් ලෙස කොළඹ – මාලබේ මහානාම වාහන අංගනය හැඳින්විය හැක.

ඉතාමත් කීර්තිමත් විශ්වාසදායක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමටත් පාරිභෝගික ජනතාවගේ විශ්වාසනීයම වාහන අංගනය බවට 9 වන සංවත්සරය සමරන්නටත් මේ කාල වකවානුවේදී එම ආයතනයට හැකියාව ලැබී ඇත. “10ට පෙර” එහි සංවත්සර තේමාවයි.

2014 වර්ෂයේදී වහලක් වත් නොමැතිව ඉතාමත් පුංචියට පුංචිම ස්ථානයක වාහන හතරකින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය මේ වනවිට තට්ටු පහකින් සමන්විත විශාල වාහන අංගනයක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ ඉදිරි දැක්ම හා ඒ පිළිබඳව ඇති නිර්මාණශීලී භාවය නිසා බව සඳහන් කළ හැකිය. තවද පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් කටයුතු කිරීමේ හැකියාව නිසා මේ වනවිට “මහානාම සන්නාමයක්” ලෙස ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛස්ථානය කරා ඒමට හැකියාව ලැබී ඇති බව එහි සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පවසයි.

එසේම අඩුපාඩුකම් සහිත ඕනෑම වාහනයක් මෙම ව්‍යාපාරික මහතා නොපැකිලිව මිලදී ගෙන එහි අඩුපාඩු සොයාබලා අලුතින්ම එම වාහන කොටස් සවිකර ෂීට් කවර, තීන්ත ආලේප කරමින් ඉතාමත් ලස්සනට අලුත්ම තත්ත්වයේ වාහනයක් ලෙසින් පාරිභෝගික ජනතාවගේ සිත පිනායන අයුරින් සකසාදීමට මෙම ව්‍යාපාරික මහතාගේ දක්‍ෂකම ඉදිරි දැක්ම මෙන්ම නිර්මාණශීලී හැකියාව නිසා බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment