පොහොට්ටු යොජනා නැත්නම් අයවැයට අවුලක්

191

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති වෙත භාර දී ඇති අයවැය යෝජනාවලට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට එම පක්‍ෂය අභ්‍යන්තරයේ මතයක් ගොඩනැඟෙමින් පවතින බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

සමෘද්ධි සහනාධාරය මෙන්ම පොහොර සහනාධාරයන් අඛණ්ඩව ලබාදිය යුතු බවත්, ප්‍රතිව්‍යුහගත කරන ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිත කළ යුතු බවටත්, ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කර ගමේ ජනතාවගේ අතට මුදල් යන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවටත් ඊට අමතරව මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදී ග්‍රාමීය සංවර්ධන කටයුතු ආරම්භ කළ හැකි පසුබිමක් සැකසිය යුතු බවටත් වන යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment