වර්ජනය දා වැඩියෙන්ම පාසල් ආවේ උතුරේ ගුරුවරු – අඩුවෙන්ම ආවේ දකුණු පළාතේ ගුරුවරු

145

* එක ළමයකු ආවත් ඉගැන්නුවා

* අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා


ගුරු වැඩ වර්ජනය පැවැති 25 වැනිදා වැඩිම ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කළේ උතුරු පළාතේ බවත්, එය ප්‍රතිශතයක් ලෙස සියයට 20 ක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවසීය.

එසේම අඩුම ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කළේ දකුණු පළාතෙන් බවත්, එය ප්‍රතිශයක් ලෙස සියයට 0.18 ක් බවත් මහාචාර්යවරයා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කථා කළ අධ්‍යාපන ලේකම්වරයා මෙසේද කීය. පිරිසක් වැඩ වර්ජනයේ යෙදුණත් ගුරුවරුන් පාසල් ඇවිත් දරුවන්ට ඉගැන්නුවා. එක ළමයෙක් පවා ආපු පාසල්වල ගුරුවරුන් ඒ දරුවාට ඉගැන්නුවා. දරුවන්ගේ

අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න බැහැ. කොවිඩ් නිසා කාලයක් දරුවෝ ගෙවල්වල සිටියා. උතුරු පළාතේ ගුරුවරුන් සියයට 20 ක ප්‍රමාණයක් සේවයට වාර්තා කළා. නැගෙනහිර පළාතේ ගුරුවරු සියයට 10ක්, බස්නාහිර පළාතේ ගුරුවරු සියයට 5 ක්, සබරගමුව පළාතේ ගුරුවරුන්ගෙන්

සියයට 5 ක්, දකුණු පළාතේ ගුරුවරුන්ගෙන් සියයට බිංදුවයි දශම එකයි අටක්, මධ්‍යම පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 2 ක්, වයඹ පළාතේ සියයට 6 ක්, ඌව පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 1 ක්, උතුරුමැද පළාතේ ගුරුවරුන් ගෙන් සියයට 3.5 ක් සේවය වාර්තා කළා. දරුවන් ගැන හිතලා සේවයට ආපු ඒ ගුරුවරුන් සියලු දෙනාට ස්තුතියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment