මේ වසරේ පළමු මාස හතේ තේ අපනයන ආදායම පහළට

159

මේ වසරේ (2022) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 694.9 ක් දක්වා සියයට 9.2 කින් පහත වැටී ඇත.

ගිය වසරේ (2021) පළමු මාස හතේදී වාර්තා වූ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 765.7 ක් විය.

තේ අපනයන ද නියෝජනය වන මුළු කෘෂිකාර්මික අපනයන ආදායම මේ වසරේ (2022) මුල් මාස හතේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1454.3 ක් දක්වා සියයට 4.7 කින් ද පහත වැටී ඇත.

මේ අතර රබර් අපනයන ආදායම සියයට 11.3 කින් සහ පොල් අපනයන ආදායම සියයට 5.1 කින් ද මේ වසරේ (2022) මුල් මාස හතේදී වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment