මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් දිවයිනට

1

ජපානයේ පැවති ආසියානු ජී. ටී. මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට (G.T. World Chalenge – Asia) සිල්වර් කාණ්ඩයෙන් සහභාගි වී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර එෂාන් පීරිස් 26 දින රාත්‍රි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම තරගාවලිය ලෝකයේ අතිශය ජනප්‍රිය මෝටර් රථ ධාවන තරගාවලියක් වන අතර එය ජපානයේ ෆුජි නගරයේ ඉකුත් 22දා සහ 23 යන දිනවල පවත්වා තිබූ අතර එෂාන් පීරිස් මෙම තරගාවලියේ දී පෝෂේ – 911 (Porsche – 911) වර්ගයේ මෝටර් රථයක් පදවමින් සහභාගි වී තිබේ. මෙම තරගාවලියේ අවසාන මහා තරගය චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිත අතර එහිදී සමස්ත තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එෂාන් පීරිස් මහතා බලාපොරොත්තු වන බව කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.

එෂාන් පීරිස් 26 දින රාත්‍රී 10.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එෂාන් පීරිස් සුප්‍රකට ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩේවිඩ් පීරිස් මහතාගේ පුත්‍රයෙකි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment