යාපනයේ තරගයක් අතරතුර ක්‍රීඩකයන්ට පහරදීලා

231

ක්‍රීඩකයෙක් රෝහලේ

යාපනයේ මීසාලේ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති ක්‍රීඩා තරගයක් අතරතුර ක්‍රීඩාංගණයට කඩු හා පොලු රැගෙන පැමිණි පහළොස් දෙනකු පමණ ක්‍රීඩකයන්ට පහර දී කඩුවලින් කැපීම නිසා එක් ක්‍රීඩකයකු තුවාල ලබා 16 දා චාවාකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබේ.

කඩු ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මීසාලේ ප්‍රදේශයේ පදිංචි සිවකුමාර් රාහුලන් (25) නැමති ක්‍රීඩකයෙකි.

මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ගම්වාසීන් කඩු හා පොලු රැගෙන ක්‍රීඩාංගණයට කඩා වැදුණු අයගෙන් හතර දෙනකු අල්ලා ගස් බැඳ කොඩිගාමම් පොලිසිය වෙත භාර දී තිබේ.

පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ක්‍රීඩාංගණයට කඩා වැදුණු සෙසු පිරිස සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම අවසන් ක්‍රීඩා තරගයට පෙර පවත්වන ලද මූලික තරගවලදී පරාජයට පත් ක්‍රීඩා කණ්ඩායමක් විසින් ලබා දෙන ලද කොන්ත්‍රාත්තුවකට අනුව මෙම කඩු හා පොලු ප්‍රහාරය ක්‍රීඩකයන් වෙත එල්ල කරන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ.

කොඩිගාමම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment