ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රය තුළ සිය නායකත්ව ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත.
Gazet International වාර්ෂික සම්මාන උළෙලේදී ‘Most Innovative Life Insurance Service Provider Sri Lanka-2024’’ ලෙස මෙන්ම, Global Brands Magazine සම්මාන උළෙලේදී ‘Most Digitally Forward Life Insurer 2024’ ලෙස සහ World Economic Magazine Awards සම්මාන උළෙලේදී ‘Most Loved Insurer Brand Sri Lanka-2024’ ලෙසද මෙම සමාගම ගෞරව ප්‍රණාමයට පාත්‍ර විය.
මෙම ඇගයීම් මඟින් පිළිබිඹු වන්නේ නව්‍යකරණය, තාක්ෂණය සහ සුවිශේෂ පාරිභෝගික සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය විප්ලවීය වෙනසකට ලක්කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සතු නොසැළෙන කැපවීමය.
මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය. “යූනියන් ඇෂුවරන්ස් හි අප, සෑම අයෙකුටම සුවිශේෂ වන ගමන් මාර්ගවලට සහාය සැපයීමට කැප වන්නේ ප්‍රගතිය ලැබීම සඳහා අවශ්‍ය ශක්තිමත්භාවයෙන් සහ විශ්වාසයෙන් ඔවුන් සවිබල ගන්වමින්. අපේ පාරිභෝගිකයින්ගේ පිරිපුන් සුවසෙත සමස්ත වශයෙන් ඉහළ නංවන විසඳුම් සැලසුම් කිරීමට සහ පිරිනැමීමට මේ කැපවීම මඟින් අපව යොමු කරනවා. මේ සම්මාන අපේ සේවාවේ සෑම පැතිකඩක්ම අඛණ්ඩව නව්‍යකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට අප දරන දැඩි පරිශ්‍රමයේ සහ කැපවීමේ පිළිබිඹුවක්. අපේ විශිෂ්ටත්වය උදෙසා ඇගයීමට පාත්‍ර වන්නට ලැබීම සැබැවින්ම අපට ගෞරවයක් වන අතරම, මේ සම්මාන ප්‍රණාම මගින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සීමා මායිම් පුළුල කරමින්, අපේ රක්ෂණ ඔප්පුහිමියන්ට මෙන්ම සමස්ත වශයෙන් සමාජයටත් වඩාත් වැඩි වටිනාකමක් පිරිනැමීමට කැපවීම සඳහා අපව දිරිමත් කරනවා”.