රටේ සහල් හිඟය ජපාන කෘෂිකර්ම ඇමැති ගෙදර යවයි

65

ආණ්ඩුවත් බරපතළ අර්බුදයක

සහල් හිඟය හේතුවෙන් ජපානයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වන ටකු එටෝ ඉල්ලා අස්වී තිබේ.

ජපානය මේ වන විට දශක ගණනාවකට පසු ජීවන වියදම් අර්බුදයට මුහුණ දී සිටින අතර එහි ප්‍රධාන ආහාර වේලක් වන සහල් මිල පසුගිය වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. තම ආධාරකරුවන් තෑගි ලෙස ‘ඕනෑ තරම්’ සහල් ලබා දෙන නිසා තමාට කිසි විටෙකත් සහල් මිලදී ගැනීමට සිදු නොවූ බව ටකු එටෝ ප්‍රකාශ කිරීමත් සමග ඔහුට බලවත් විරෝධයක් එල්ල වී ඇත. මේ හේතුවෙන් හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයාට භාරදී ඇත. අගමැති ෂිගෙරු ඉෂිබාගේ සුළුතර රජයට සහල් හිඟය බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment