සවුදි ගිය බිරිඳ සමග ඇති කරගත් දුරකතන සංවාදයකදී සිත් වේදනාවට පත් සැමියා තමාගේ සය හැවිරිදි දියණියගේ ගෙලත් කපා දිවි හානිකර ගැනීමට ක්‍රියා කිරීම නිසා දෙදෙනාම බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
“දුවේ අම්මා කිව්වා එයා ගැන තියෙන බලාපොරොත්තුව අත් හරින්න… එයා වෙනත් පවුලක් කරගෙන ජීවත් වෙනවා කියලා, අපි දුවේ තවදුරටත් ජීවත්වෙලා පළක් නැහැ. අපි දෙන්නට ගෙල කපාගෙන මැරෙමු” කියා මෙම පුද්ගලයා මුලින්ම දියණියගේ ගෙල තුවාල වෙන්න කපා පසුව ඔහුගේ සිය ගෙල කපාගෙන ඇතැයි බදුල්ල වියන්ගහවල පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන