රත්නපුරයට ලොකු ගං වතුර අවදානමක්

502

කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් මතුව ඇත .කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය ජල මාපක 07 සීමාව කරා ළඟාවෙමින් ඇති බවද වාර්තා වෙයි.මේ හේතුවෙන් රත්නපුර අළුපොත ප්‍රධාන බස් මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් යළි යටවී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.ප්‍රධාන මාර්ගවලට ප්‍රවේශ වන අතුරු මාර්ග රැසක් ද ජලයෙන් යටවී ඇත. නිවාස ද අවදානමට ලක්වී ඇතැයි වාර්තා වෙයි.ජල මට්ටම මාපකයේ 07 සීමාවට ළඟා වුවහොත් ලොකු ගංවතුර තත්ත්වයක් ඇති වෙතැයි අනතුරු අඟවයි.

advertistmentadvertistment
advertistmentadvertistment