රතු මුහුදේ හවුති ප්‍රහාරයකින් නැවක් මුහුදුබත්

232

රතු මුහුදේ යාත්‍රා කළ ලයිබිරීයාවේ ලියාපදිංචි කළ “ටියුටර්” නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවට යේමනයේ සිට ක්‍රියාත්මක වන හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එම නෞකාව මුහුදේ ගිලී ගොස් ඇති අතර එහි ගමන් ගත් නැවියකු මියගොස් තිබේ. නැවියෙකු මියයෑමට හේතු වූ මෙම වසරේදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ දෙවැනි මාරන්තික මිසයිල ප්‍රහාරය මෙය ලෙස සැළකේ.

ඉකුත් මාර්තු මාසයේදී ඒඩන් බොක්ක අසළ යාත්‍රා කළ නැවකට හවුති කැරළිකරුවන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් නැවේ ගමන්ගත් තිදෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment