‘රන් මහා සටනේ’  වැඩි ගෞරව මහානමයට

200

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැති 16 වැනි රන් මහා සටන දෙදින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ඒ පළමු ඉනිම ජයගැනීමට සමත් වූ මහානාම විද්‍යාලයට වැඩි ගෞරව අත්කර දෙමිනි.

 තරගයේ පළමුවෙන් පිතිප්‍රහාරයේ යෙදුණු මහානාම විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 282ක් රැස් කළේය. සචිර වැලිවත්ත ලකුණු 89ක් සහ ධනුජ එදිරිසිංහ නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත්විය.

 ඩී. එස්. පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 173කට සීමා වූ අතර හිරුෂ පියුමාල් ලකුණු 76ක් එහිදී වාර්තා කළේය.

 මහානාම පළමු ඉනිමට වඩා ලකුණු 109ක් පිටුපසින් සිටිමින් පිට පිටම යළිත් පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක කණ්ඩායම තරගයේ අවසන් සහ දෙවැනි දිනය නිමාවට පත් වෙද්දී සිය දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය.

 මහානාම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දෙවිඳු කැකිරිදෙණිය ඉනිමේ දෙකේදී ප්‍රතිවාදී කඩුලු 7ක් බිඳ දැමීය.

 ලකුණු සටහන

 මහානාම විද්‍යාල පළමු ඉනිම 282/6 (සචිර වැලිවත්ත 89, ධනජ එදිරිසිංහ 53 (නොදැවී), ඉනුක කරන්නාගොඩ 45, අංජල බණ්ඩාර 42, අදීශ බණ්ඩාරනායක 2/57)

 ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම 173/10 (හිරුෂ පියුමාල් 76, සෙනුර සිල්වා 36, දෙවිඳු කැකිරිදෙණිය 4/76, දුවිඳු රණතුංග 3/44.)

 ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම 107/6 (මලිත පෙරේරා 44, ගවිරු සෙනහස් 41, දෙවිඳු කැකිරිදෙණිය 3/31, ඉනුක කරන්නාගොඩ 2/25)


advertistmentadvertistment