කොළඹ මහානාම විදුහල හා ඩී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වෙන ‘රන් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මැයි මස 09,10,11 දිනවලදී කෙළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර ‘රන් මහා සටන’ පැවැත්වෙන්නේ 19 වැනි වරටය.
මෙවර අනුක විජේවර්ධන කොළඹ මහානාම විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර, මලින්ත පෙරේරා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායමේ නායකත්වය දරති.
තුන්දින තරගයක් ලෙස රන් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.
විදුහල් දෙක අතර පැවැත්වෙන සීමිත ක්‍රිකට් තරගය එළැඹෙන 18 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ දී පැවැත්විණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්