රනිල්ට ඇරුණු අල්ලස් කොමිසමේ දොරටු

598

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  වෙත කැඳවා තිබේ.
ඒ ඌව පළාත් සභාවේ හිටපු මහා ඇමති චාමර සම්පත් දසනායක මහතාට එරෙහි පැමිණිල්ලට අදාළව සිදුකරන විමර්ශනයට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
ඒ අනුව ඊයේ (10වැනිදා) අල්ලස් කොමිසම වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබා දී ඇත.  චාමර සම්පත් දසනායක මහතාගේ සිද්ධියට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බවත්  එම සිද්ධියට මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා  කොමිෂන් සභාව පවසයි.
වික්‍රමසිංහ මහතා කළ කරුණු තහවුරු කර ගැනීමට අදාල ලේඛන සමග අපේ මස 17 වැනිදා පෙරවරු 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

Sk


advertistmentadvertistment