රනිල් යළි ජනපති කරවන්න උ/නැ ජනයා පෙළගස්වනවා – කරුණා අම්මාන්

1

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව පෙළගස්වන බවත්, ඔහු වෙනුවෙන් තම සහාය නිරන්තරයෙන්ම ලබාදෙමින් දිරිගන්වන බවත් හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් “දිවයින”ට පැවැසීය.

දැනටමත් තමන් උතුරු-නැගෙනහිර ජනතාව දැනුවත් කරමින් සිටින බවත්, පානදුර ප්‍රදේශයේ තමන් කාර්යාලයක් ආරම්භ කළ බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උතුරු-නැගෙනහිර පළාත්වල සංචාරය කරමින් ජනතාවගේ හඬට ඇහුම්කන් දෙමින් කටයුතු කරන බවත් ඒ හේතුවෙන් ජනතාවට ඔහු ගැන පැහැදීමක් ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

සිය මැතිවරණ ව්‍යාපාරය හරහා උතුරු නැගෙනහිරින් ජනාධිපතිවරයාට උපරිම ඡන්ද ප්‍රමාණයක් ලබාදීමට ක්‍රියාකරන බව ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment