රයිසිගේ නියමුවා විනාඩි 1 1/2කට පෙර අනිත් යානා දෙකට කතා කරලා

1179

මිය ගිය හිටපු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ නියමුවා එම හෙලිකොප්ටරය කඩා වැටීමට විනාඩි එකහමාරකට පමණ පෙර, යානය දෙපසින් ගමන්ගත් සෙසු හෙලිකොප්ටර් යානා දෙකෙහි නියමුවන් අමතා ඇති බව හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරන ඉරාන හමුදාවන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් අනතුර සම්බන්ධයෙන් නිකුත් කර ඇති ප්‍රථම වාර්තාවේ සඳහන් කර තිබේ.

එහෙත් එහිදී සැකකටයුතු යමක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බවක් වාර්තා වී නැතැයි එම වාර්තාවේ දැක්වේ.

ඉරානයේ අර්ධ රාජ්‍ය ප්‍රවෘත්ති සේවාවක් වන ටැස්නිම් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර ඇති පරිදි අදාළ වාර්තාවට අනුව හිටපු ජනාධිපති රයිසි ගමන්ගත් හෙලිකොප්ටර් යානය කලින් තීරණය කර තිබූ ගුවන් මාර්ගයේ ගමන් කර ඇති අතර යානය කඳුකර ප්‍රදේශයට කඩා වැටී ගිනි ගැනීමෙන් පසු යානයේ සුන්බුන්වල වෙඩි උණ්ඩ හෝ වෙනත් සැක කටයුතු එවැනි හානිකර ද්‍රව්‍යයක් තිබූ බවට සලකුණක් තිබී නැත. කඩා වැටී ඇති හෙලිකොප්ටර් යානය කිසිදු අවස්ථාවක නියමිත ගුවන් මාර්ගයෙන් පිටතට ගමන් ගෙන නොතිබූ බවත් එම යානයේ නියමුවන් හා පාලක මැදිරිය අතර සිදු වූ සන්නිවේදන කටයුතුවලදී සැකකටයුතු දෝෂයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

අදාළ හෙලිකොප්ටර් යානා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ විමර්ශන කණ්ඩායමට විශේෂඥයන් හා තාක්ෂණ ශිල්පීන් අයත් වන අතර එම කණ්ඩායම ඉකුත් සඳුදා උදෑසන අනතුර සිදු වූ ස්ථානයට ගොස් විමර්ශන කටයුතු අරඹා තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment