රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම ස්ථීරයා ගාණ තීරණය කරන්නේ 12 වැනිදා – සියඹලාපිටිය

2269

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලබන වර්ෂය (2024) සඳහා ඉදිරිපත් කරන අයවැයෙන් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදුකරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහ’ට පැවසීය.

එහෙත් එම වැඩි කරන වැටුපේ ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 13 වැනි දිනට පෙර දින පවත්වනු ලබන විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවේදී බවද ඇමැති සියඹලාපිටිය මහතා කීවේය. මේ අනුව තවමත් රාජ්‍ය සේවක වැටුප වැඩි කරන ප්‍රමාණය තීරණය කර නැති බවත් සඳහන් කළේය. ලබන අයවැයෙන් රු. 12500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි වන්නේ ද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරයා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment