රැට්ටලා නැති නිසා ජගත්ලා ඇප ප්‍රතික්ෂේප කරයි

281


ළහිරු වීරසේකර,රතිඳු කරුණාරත්න හෙවත් රැට්ටා සහ රත්කරව්වේ ජිනතරන හිමියන්ටද අද ඇප හිමිනොවීම නිසා ඇප හිමිවූ රංගන ශිල්පී ජගත් මනුවර්ණ,ජෙහාන් අප්පුහාමි,ධම්මික මුණසිංහ සහ එරංග සේනාරත්න යන සිව් දෙනා බන්ධනාගාරයෙන් පිටව යාම ප්‍රතික්ෂේප කර ඇත.මොවුනට ඇප ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද මෙම සිව්දෙනාට පමණක් ඇප ලබාදීමට නියෝග කළේය. සෙසු තිදෙනා ජුනි මස 01 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගතකිරීමට ද නියෝග කළේය.සියලු දෙනා එකට බන්ධනාගාර ගතවූවානම් එකටම ඇප ලබා පිටව එන බව ඇප ලැබූවෝ පවසන බව නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.


advertistmentadvertistment