ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (01දා) නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්… අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 301.05ක් දක්වා රු. 1.51කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත.
ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය පෙරේදා (30දා) දිනයේ රු.302.56ක් විය.
මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා (30දා) දින වාර්තා වූ රු. 293.50 සිට ඊයේ (01දා) දිනයේදී රු.292.00ක් දක්වා රු.1.50කින්ද අඩු වී ඇත.
එසේම ඇමෙරිකානු ඩොලරයේ මධ්‍ය අගය ඊයේ දිනයේදී රු.297.19 දක්වා පහත වැටී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත