රෝහල්වල ඖෂධ හිඟය නැති කරනවා – ජනාධිපති සහතික වෙයි  

106

රජයේ රෝහල්වල දැනට පවතින ඖෂධ හිඟය මගහැරවීමට තමන් වහාම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත පොරොන්දු වී ඇත.

ජාතික රෝහලේ මෙන්ම රටපුරා පවතින රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සිය වගකීම බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් විමසීමට පසුගිය සිකුරාදා එහි ගිය ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

අකිත පෙරේරා


advertistmentadvertistment