රෝහලෙන් පලා යමින් සිටි රෝගියෙකු මරුට

237

එන්නත් ලබා දීම සම්බන්ධයෙන් බියට පත් වූ රෝගියෙකු වවුනියාව මහ රෝහලෙන් පලා යමින් සිටියදී වාහනයක ගැටීමෙන් ඊයේ (30දා) මහමග මියගොස් තිබේ.
වවුනියාවේ ආච්චිපුරම් ප්‍රදේශයේ පදිංචි ඇලෝසියස් ෂෙල්ටන් නැමති 52 හැවිරිදි මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
මේ පුද්ගලයා ඖෂධ එන්නත් ලබා ගැනීමට අකැමති ඒ ගැන දැඩි බියකින් පසුවන පුද්ගලයෙක් බව කියවේ.

වාට්ටුවේ හෙදියන් ඔහුට එන්නත් ලබා දීමට සූදානම් වන විට ඔහු රෝහලෙන් පලා ගොස් නිවසට යාම සදහා වවුනියාවේ කොවිල්පුදුකුලම ප්‍රදේශය දක්වා පයින්ම ගොස් ඇති අතර එම අවස්ථාවේදී පාරේ ගමන් කළ වාහනයක ගැටී බිම ඇද වැටීමෙන් මරණයට පත් වී ඇතත් අනතුර සිදු කළ වාහනය පලා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment