රෝහලේ වෛද්‍යවරියකට අතවර කරන්න හැදූ දොස්තර අල්ලයි

99

වෛද්‍යවරියකට අතවර කිරීමක් සම්බන්ධව අරණායක දිසා රෝහලේ වෛද්‍යවරයකු ඊයේ (08 දා) අරණායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අරණායක පොලිසිය පවසයි.

ඉකුත් 06 දා එම රෝහලේම සේවය කරන වෛද්‍යවරියකට අතවරයක් කිරීමට තැත්කළැයි එම වෛද්‍යවරියගේ පියා විසින් අරණායක පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකාර වෛද්‍යවරයා පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන ඇත. මොහ ඊයේ (08 දා) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සැකකරු අවුරුදු 45 ක පමණ අවිවාහක අයෙකි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment