ලබන වසරේ නිදහස් දින උළෙල සවස

116


ලබන වසරේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින උළෙල කොළඹ, ගාලු‍මුවදොර දී පෙබරවාරි 04 වන දින සවස් කාලයේ පැවැත්වීමට තීරණය කර ඇත.
එසේම පවතින ආර්ථික තත්ත්වය හමුවේ වූව ද 75 වන නිදහස් දින උත්සවය සුවිශේෂී සංධිස්ථානයක් කරගනිමින් අඩු පිරිවැයකින් අභිමානවත් අයුරින් සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ පෙළපාළි සහ උත්තමාචාරවලට අමතරව ශ්‍රී ලාංකේය අභිමානය විදහා දැක්වෙන සංස්කෘතිකාංග
හා යෞවනයට ගැළපෙන කලා අංග ඊට එක් කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.


advertistmentadvertistment