පාසල් ළමුන්ට චීනයෙන් සහල්

166


මෙරට දස ලක්ෂයකට ආසන්න පාසල් දරුවන් පිරිසකට සහල් ආධාර ලබා දීමට

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක ආධාරයක් ලබාදී තිබේ.

නිල වශයෙන් මෙරටට එම සහල් තොගය භාරදීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුකර ඇත.

එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ චීන තානාපති ෂී ෂෙන්හොන් යන මහත්වරු එක්වූහ.

තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment