යුද ගැටුම්වලින් මියගිය පිරිස සමරා යාපනය සරසවියේදී සැමරුම් උළෙලක්

315

යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කොට ඇති වෙල්ලමුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාරකය අබියසදී යුද ගැටුම්වලින් මියගිය පිරිස සමරා සැමරුම් උත්සවයක් යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් 16 දා සවස සංවිධානය කොට තිබිණි.

මෙය අද (18දා) පැවැත්වීමට නියමිත සැමරුම් දිනයට සමගාමීව පවත්වා ඇති අතර එහිදී ඔවුහු යාපනය වැල්වැටිතුරෙයි නගරයෙන් පාගමනක් ආරම්භ කොට යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා අවසන් කළහ.

උතුරු පළාතේ අනෙකුත් ප්‍රදේශවල ලෙසම ප්‍රදේශවාසීන්ට ලුණු කැඳ බෙදා දෙමින් කොටි මෙම උත්සවය සංවිධානය කොට තිබිණි. මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් සහභාගී වූහ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment