රන්ජන්ට නිදහස ඉල්ලා ගොල්ෆේස් යන පාගමන ගල්ගමුව පසු කරයි

339

අනුරාධපුර පූජා භූමියේ සිට ගොල්ෆේස් අරගල භූමිය දක්වා පා ගමනින් යන පුද්ගලයෙක් ඊයේ ගල්ගමුව නගර මධ්‍යයේදී හමු විය. රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගන්නා ලෙස හා රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙසට සඳහන් බැනරයක් ගෙලහි එල්ලාගෙන මොහු පා ගමනේ නිරත වන අතර පසුගිය වෙසක් පොහෝ දිනයේ මෙම පා ගමන අරඹා ඇත.

මෙම පුද්ගලයා සුවඳැල්පොත, එලමුල්ල, නුවරඑළිය යන ලිපිනයේ පදිංචි මාලිමගේ කුෂාන් නිමන්ත අපොන්සු නමැති අයෙකි. කිලෝ මීටර් 210ක වන ගමනාන්තය දක්වා කිසිදු ආහාරයක් නොගනිමින් මාරන්තික පා ගමනක නිරත වෙන බවත් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එයට වගකිව යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

කුමා රණසිංහ – ගල්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment