ලබන සතියේත් සෞඛ්‍ය ලෙඩ වෙයි

103

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඩැට් දීමනාවට සමාන දීමනාවක් ලබාදීම ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් ලබන සතියේ දී රජයේ රෝහල්වල සහ සියලුම සෞඛ්‍ය අංශවල යළි වැඩ වර්ජන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සැදුම්ලත් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශය සමග ඉකුත් අප්‍රේල් මස පැවැත්වූ සාකච්ඡාවේදී එළැඹී එකඟතාවන් ක්‍රියාත්මක නොකර පසුපසට ඇදදැමීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළැඹි බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment