සාරතීගේ වැඩවලට අත නොදමන්නැයි දයාසිරිට පැනවූ වාරණය තවත් දීර්ඝ කරයි

41

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරන සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ පක්‍ෂ සංවිධාන කටයුතුවලට, දේශපාලන කටයුතුවලට හෝ පරිපාලනමය කටයුතුවලට බාධා වන පරිදි කටයුතු කිරීම වළක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පැමිණිලිකාර මෛත්‍රිපාල සිරිසේන හා සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඩ් මහතා වගඋත්තරකාර දයාසිරි ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment