ලයිට් කපපු ගෙවල්වලින් වැඩිපුර ගත් කෝටි 30 මාස 3ක් ඇතුළත යළි දෙන්න – මහජන උපයෝගිතා කොමිසම

471

මහජනතාවගේ විදුලි විසන්ධි කර නැවත එම සම්බන්ධතා ලබාදීමේදී වැඩිපුර අයකළ රුපියල් තිස් කෝටි පනස්හය ලක්‍ෂ පනස්තුන් දහසක පමණ මුදල, මාස තුනක් ඇතුළත එක් අයකුට රුපියල් 2200 බැගින් ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී ඇත.

විදුලි විසන්ධි කිරීමකදී එය නැවත ලබාදීමට අයකරන ගාස්තුව, පසුගිය මාර්තු 5 වැනිදා සිට රුපියල් 3000ක සිට රුපියල් 800ක් දක්වා අඩු කර තිබේ. නමුත් මාර්තු 5 වැනිදා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා එසේ යළි සම්බන්ධතා ගත් අයගෙන් රු. 3000 බැගින් අයකර ඇත. එම නිසා එම ඉතිරි මුදල එම පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙසත්, අදාළ ජනතාවට මාස තුනක් ඇතුළත ගෙවන ලෙසත්, කොමිසම විදුලිබල මණ්ඩලයට කියා ඇත.

එම කාල වකවානුව තුළ නිවාස 138,979ක විදුලිය විසන්ධි කර තිබිණි. ඔවුන් යළි විදුලිය ගැනීමේදී රුපියල් අටසියය වෙනුවට රුපියල් 3000 බැගින් අයකරගෙන ඇත. ඒ අනුව ඔවුන්ගෙන් රු. 2200 බැගින් වැඩිපුර අයකරගෙන ඇත. කෝටි 40ක් පමණ වන එම වැඩිපුර අයකරගත් මුදල නැවත ගෙවන ලෙස කොමිසම උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කර තිබිණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment