13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වක්‍රාකාරයෙන් ඊළම දීමක්

257

13 වන සංශෝධනය හරහා පූර්ණ බලතල හිමිකර දීමට යත්න දැරීම වක්‍රආකාරයකින් ඊළම දීමක් බදු විය හැකි බවත් එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් ඊයේ සඳහන් කළේය.

විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.

මේ වනවිට හමුදා කඳවුරු ඉවත් කරමින් හමුදාව දියකරමින් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයන් විනාශ කරමින් සිටින බවත් ප්‍රකාශ කළ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ලබා ගැනීමට නොහැකි වූ දෙමළ ඊළම 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් ලබා දීමට ඉඩදිය නොහැකි බවයි.

මහජන විනිශ්චය සභාව ඇමතූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද අප කැඳවූයේ මහජන විනිශ්චය සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඒ මහා ඓතිහාසික වර කළොත් ඔවුන්ට ලබාදිය යුතු දඬුවම කුමක්ද කියා ප්‍රකාශයට පත් කිරීමට. අපි විශ්වාස කරනවා ඔවුන් මේ විනිශ්චයට කන් දෙයි, භාර ගනිවී කියලා. රනිල් වික්‍රමසිංහ මහතා හදන්නේ ඔහුගේ පාපය මන්ත්‍රීවරුන්ගේ හිස මත පතති කරන්න. එම මහා අපරාධයේ වගකීම මන්ත්‍රීවරුන් 225 දෙනාම තේරුම් ගනිවී කියා අප විශ්වාස කරනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment