ගමකින් වේදිකාවට සොකරිය පෙන්වා අපේක්ෂා රෝහලට ආධාර කරයි

71

වෙනුෂ් මාර්ක් ඇතුළු තරුණ දූ පුතුන් එක්වී ‘මාර්ක් ප්‍රජා සත්කාර ඒකකය’ පටන්ගත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සිටින සහෝදර සහෝදරියන්ට යම් පමණකින් හෝ පිහිටවන රිසියෙනි. පදනමේ නිර්මාතෘ ලක්මිණි ඩී. මෙන්ඩිස් මහත්මිය, තරුණ හා පාසල් යන වයසේ පසුවන පිරිසක් සමග ගෙයින් ගෙට, නගරයෙන් නගරයට ගියේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට යම් කිසි මුදල් ප්‍රමාණයක් එකතු කරදෙන අදිටයෙනි.

ඇතැම්හු අධාර නෑ කියා සැර වූහ. තවත් අය හැකි පමණින් අධාර කළේ හොඳ වැඩක්නෙ දරුවනේ කියමිනි. ජයන්ත කුරේ මහතා ව්‍යාපාරිකයෙකි. ඔහු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ ලේකම්ය. ඉන්න දරුවනේ අපේ සංගමයේ අයත් එක්ක කතා කරලා මොනවා හරි කරන්නම්. එසේ කී ජයන්ත කුරේ මහතා මුල් වී රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් මාර්ක් ප්‍රජා සත්කාර ඒකකයට පරිත්‍යාග කළේය.

ගමකින් වේදිකාවට සොකරිය පෙන්වා අපේක්ෂා රෝහලට ආධාර කරයි

සොකරි නාට්‍යක් පෙන්නමු. ඒ අදහසට එකඟ වූ පිරිස ජාලිය රාජපක්ෂයින්ගේ ‘ගමකින් වේදිකාවට’ සොකරි නාට්‍ය පෙන්වා යම් මුදලක් එකතු කරගන්නට සමත්විය. කොළඹ මරදාන එල්-ෆින්ස්ටන් රගහලේ රඟ දැක්වූ සොකරියේ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රවීණ සිනමා නළු ජීවන් කුමාරතුංගය. නිළි රැජින මාලනී ෆොන්සෙකා, දමයන්ති ෆොන්සේකා,නිරෝෂා තලගල, ප්‍රදීප් මහේෂ් ලියනගේ (සිරස), ව්‍යාපාරික ජයන්ත කුරේ ඇතුළු සම්භාවනීය පිරිසක් ද ඊට එක්ව සිටියහ.

● ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment