ලැප්ටොප් පරිගණකයක් හේතුවෙන් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ ඊයේ (28දා) දහවල් බෝම්බ බියක් ඇති විය.
මේ හේතුවෙන් විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කණ්ඩායම් එම තානාපති කාර්යාලයට කැඳවනු ලැබීය. විදේශිකයකු එම තානාපති කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබාදී කාර්යාලයෙන් පිටව යෑම මෙම තත්ත්වයට හේතු වී තිබුණි.
මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු කුරුඳුවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි.