ඇමරිකානු පොප් ගායිකා ලේඩි ගාගා ඊයේ(03)දිනයේ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළ තීරයේ නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීමට මිලියන දෙකකට අධික අධික ජනකායක් සහභාගී වූ බව C N N පුවත් වාර්තා කර තිබේ .
2012 වසරේ දීද ඇය රියෝ හි ප්‍රසංගයක් ඉදිරිපත් කර තිබේ .
ලේඩි ගාගාගේ බ්‍රසීල සංචාරය ඇගේ නව ඇල්බමය වන “මෙහෙම්” ( “Mayhem,” ) ප්‍රවර්ධනය කිරීම සඳහා වන ගෝලීය සංචාරයක කොටසක් වන අතර 39 හැවිරිදි මෙම ජනප්‍රිය ගායිකාව සහ නිළිය පසුගිය සතියේ මෙක්සිකෝ නගරයේ ප්‍රසංග දෙකක් පැවැත් විය.ලේඩි ගාගා පොප් ගායිකාවක සේම ගීත රචිකාවක් සහ නිළියක් ද වේ .
මෙම ප්‍රසංගයේ ආරක්ෂාව වෙනුවෙන් 5000කට අධික පොලිස් ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක වූ අතර ප්‍රසංගය හරහා දේශීය ආර්ථිකයට ඩොලර් මිලියන 100 (£ මිලියන 75) ක ආදායමක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව එම වාර්තාවල සඳහන්ය .