ලොව ජය ගෙන පැමිණි හෂිනි

329

සිංගප්පූරුවේ වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කායවර්ධන ලෝක ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා හෂිනි හේවගේ ඇය තරග කළ ඉසව්වේ රන් පදක්කම සහ සමස්ත ශූරතාවය දිනා ගනිමින් ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

මොරටුව ප්‍රදේශයේ පදිංචි හෂිනි හේවගේ ඩුබායි හි ගණකාධිකාරිවරියක් ලෙස සේවය කරමින් සිටින්නීය.

ඇය මෙම කායවර්ධන ලෝක ශූරතා තරගාවලියේ උස සෙන්ටි මීටර් 163 පංතියේ ‘ස්පෝට්ස් මොඩල්’ අංශයෙන් තරග කර තිබේ.

එහිදී එම පංතියේ රන් පදක්කම මෙන්ම සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ද දිනා ගැනීමට සමත් වී තිබුණි.

ඇය මෙම ජයග්‍රහණ රැගෙන 03 දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 226 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සඳහා ඇයගේ පියා, මව සහෝදර සහෝදරියන් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment