ලොව දිගම උමං දුම්රිය මාර්ගය බෝල්ටික් මුහුදේ ඩෙන්මාර්කය හා ජර්මනිය අතර ඉදි වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කිලෝමීටර් 25ක ( සැතපුම් 16ක් උපරිම ) දිගක් සහිත මෙම මාර්ගය ජර්මනියේ ෆෙහ්මන් හා ඩෙන්මාර්කයේ ලොල්ලන්ඩ් දූපත් අතර ඉදි වෙමින් පවතින අතර එය ෆෙහ්මන්බෙල්ට් යනුවෙන් නම් කර තිබේ.
වසර 2029 මද භාගයේදී ඉදි කිරීම නිම කර විවෘත කිරීමට නියමිතව තිබෙන මෙම උමං දුම්රිය මාර්ගය හරහා යුරෝපයේ රටවල් අතර ගමන් කිරීමේදී ගතවන කාලය අවම කරගැනීමටත් ස්කෑන්ඩිනේවියානු රටවල් හා යුරෝපයේ සෙසු රටවල් අතර සබඳතා වර්ධනය කරගැනීමටත් මඟපාදනු ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
මෙම උමං දුම්රිය මාර්ගයේ කොටස් මුහුදු පතුල මත පිහිටුවමින් පසුව ඒවා එකට සම්බන්ධ කිරීමට කටයුතු කෙරෙමින් පැවතීම ඉංජිනේරු විද්‍යාව ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් බව එහි නිර්මාණකරුවෝ පවසා තිබේ.
සංස්කරණය ඒමන්ති මාරඹේ