මැයි 22 වැනිදාට යෙදී ඇති ලෝක ජෛව විවිධත්ව දිනය, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය සියලු රටවල් විසින් අර්ථානුකූලව සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව ද එය රාජ්‍ය සහ රාජ්‍ය නොවන පදනමින් සමරනු ලබයි. වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින GCF නකල්ස් ව්‍යාපෘතිය (දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය) ලොව විශිෂ්ටතම සහ දුර්ලභ ජෛව විවිධත්වය මෙන්ම සංස්කෘතික විවිධත්වය සහිත, ලෝක උරුමයක් ලෙස නම්කර ඇති නකල්ස් කඳුකර කලාපය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන අතර එම ව්‍යාපෘතිය මගින්ද ලෝක ජෛව විවිධත්ව දින සැමරුම ඉකුත්දා දුම්බර කලාපයේ පිටවල සහ මහලකොටුව ප්‍රදේශයේදී සමරනු ලැබීය.

ලෝක ජෛව විවිධත්ව දිනය සමරයි - දුම්බර හරිත සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය

දේශගුණික විපර්යාස හමුවේ ජෛව විවිධත්වයට අභියෝග විය හැකි ආක්‍රමණික ශාක උවදුර මැඬපැවැත්වීම, පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම මෙන්ම එකී කාර්යයන් සඳහා ප්‍රතිලාභී ප්‍රජාව පෙළගැස්වීම ද ව්‍යාපෘති ප්‍රධාන සංරචකයන් අතර ප්‍රමුඛතා වේ. එමෙන්ම, නකල්ස් කඳුකර කලාපය පුරා ශීඝ්‍රයෙන් පැතිරී ඇති ආක්‍රමණික ශාක හඳුනාගෙන, ඉන් නකල්ස් ආවේණික ජෛව විවිධත්වයට ඇති වෙන තර්ජනය අවම කර ගැනීම සඳහා GCF නකල්ස් ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයන් හා ව්‍යාපෘති ක්‍රියාකාරකම් මගින් විවෘත ඉඩකඩක් ලබා දී තිබේ.

ලෝක ජෛව විවිධත්ව දිනය සමරයි - දුම්බර හරිත සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය

මෙකී විවෘත අවස්ථාව තුළ ගෙවුණු දශක 02කට ආසන්න කාලයක් නකල්ස් කඳුකර කලාපයට තර්ජනයක් වී, නකල්ස් ජෛව විවිධත්වයට ඉමහත් බලපෑමක් එල්ල කළ ගල්ඉද්ද, කට කළු බෝවිටියා, ගඳපාන, මාන (අලි තණකොළ, ගිනි තණ, රට තණකොළ, පොහොන් මාන, ගිණිකැරැස්ස) යන ආක්‍රමණික ශාක මෙම කලාපයෙන් ඉවත් කිරීම සඳහා ගනු ලැබූ විවිධ පාරිසරික සහ ව්‍යාපෘති ක්‍රියාකාරකම් හි දුර්වලතාවයන් හඳුනාගෙන වඩාත් ඵලදායී විකල්ප ක්‍රියාමාර්ගයක් දියත් කිරීම දැන් අරඹා තිබේ.

ලෝක ජෛව විවිධත්ව දිනය සමරයි - දුම්බර හරිත සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය

එහිදී, GCF නකල්ස් ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්ද්‍රිකා වී. ඇතුගල මහත්මිය විසින් ලබා දුන් මඟපෙන්වීම සහ උපදේශකත්වය මත නකල්ස් කඳුකර කලාපීය ආක්‍රමණික ශාක වර්ධනය අවම කිරීම හෝ උපරිමයෙන් මර්දනය කිරීම පිණිස ප්‍රතිලාභී ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සඳහා ඔවුන්ව දිරිගන්වන සුළු ආකර්ශනීය ප්‍රායෝගික ක්‍රියාකාරකමක් වෙත ප්‍රවිශ්ට වීම මැයි 22ට නියමිත ලෝක ජෛව විවිධත්ව දිනය පදනම් කරගෙන ආරම්භ කරන ලදී. ආක්‍රමණික ශාක පත්‍ර, මුල්, අතු, මල් මූලික අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින් පරිසර හිතකාමී පාරිභෝගික නිෂ්පාදන ක්‍රියාවලියක් ව්‍යාපෘති ප්‍රතිලාභී ප්‍රජාව වෙත හඳුන්වා දීම මෙදින සිදුකරන ලදී. ආක්‍රමණික ශාක භාවිතයෙන් කඩදාසි සහ ආශ්‍රිත හරිත නිෂ්පාදන පුහුණු වැඩසටහන, ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහන සහ ජෛව විවිධත්වයට තර්ජනයක්ව පවතින ආක්‍රමණික ශාක සහ සත්ත්ව කොට්ඨාසයන් හඳුනා ගැනීමේ වැඩසටහන් මැයි 22 සිට 24 දක්වා, මහලකොටුව මහ විද්‍යාලය, පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලය, රිවස්ටන්, පිටවල පතන ආශ්‍රිතව, පැවැත්විණ. වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, නක්ල්ස් ව්‍යාපෘතියේ ජාතික ව්‍යාපෘති අධ්‍යක්ෂ චන්දිකා වී. ඇතුගල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දුම්බර මිතුරෝ සංවිධානය නිල වශයෙන් දායකත්වය ලබා දුනි.

තෙදින තුළම සම්පත්දායකයන් ලෙස, චන්දිකා වී. ඇතුගල, ව්‍යාපෘති කළමානාකාර ආචාර්ය ආනන්ද සුභසිංහ, ව්‍යාපෘති උපදේශක මහේන්ද්‍ර පීරිස්, කලාප කළමානාකාර ප්‍රදීප් සමරවික්‍රම, එන්.ටී.පී. කරුණාරත්න, මාධ්‍ය සහ සන්නිවේදන උපදේශක නිමල් වීරතුංග, මාධ්‍ය ප්‍රධානි ශලිනි මනීෂා දොඩංගොඩ, හරිත කඩදාසි පුහුනුකාර සම්පත්දායක සම්පත් අබේවර්ධන, දිනුක ෆුඩ්ස් ආයතනයේ අධිපති බණ්ඩාර, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ සරත් වික්‍රමසිංහ, දේශක සුගත් සමරවීර යන මහත්වරු මීට සහභාගි වූහ.

  • ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment