“Prestigious World’s Leading Sustainability Leader of Tomorrow 2024˜” ශ්‍රී ලාංකිකයකු වූ ඇන්ඩි ද සිල්වා මහතා සම්මානයෙන් පිදුම් ලබයි. ප්‍රමුඛතම හෝටල් පහසුකම් සපයන ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයකු වන Hotel Emporium හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ඇන්ඩි ද සිල්වා මහතා ලෝක තිරසර සංචාරක සහ ආගන්තුක සත්කාර සම්මාන උළෙලේ දී ‘Prestigious World’s Leading Sustainability Leader of Tomorrow 2024˜’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. පසුගියදා බෙලිස් රාජ්‍යයේ පැවති සම්මාන උළෙලේදී එලෙස සම්මානයට පාත්‍ර විය.
ගෝලීය ආගන්තුක සත්කාර කර්මාන්තයේ පාරිසරික භාරකාරත්වය සඳහා ඇන්ඩි ද සිල්වා මහතාගේ කැපවීම ඉස්මතු කරමින් තිරසර සංචාර සඳහා ශ්‍රී ලාංකිකයකු එවැනි පිළිගැනීමක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් කළ හැක.
2023 වර්ෂයේදී ඩූබායිහිදී ආරම්භ කරන ලද COP28 මගින් World Sustainable Travel & Hospitality සම්මානය යටතේ සම්ප්‍රදායික සංචාරක සේවාවලින් ඔබ්බට තිරසාරත්වයට සහ පාරිසරික භාරකාරත්වයට ලබාදෙන ප්‍රමුඛත්වය පැසසුමට ලක් කෙරේ. පරිසර හිතකාමී භාවිතයන් ක්‍රියාවට නැංවීම, සංස්කෘතික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ වගකිවයුතු සංචාරක අත්දැකීම් පෝෂණය කිරීම සඳහා එහි පුරෝගාමී උත්සාහයන් ඇතුළුව තිරසර සංචාර සහ සංචාරක ව්‍යාපාරයේ වෙනස්කම් සහ බලපෑම වේගවත් කිරීම සඳහා ආයතනයේ කාර්යභාරය මෙම ජයග්‍රහණයේ දී හඳුනාගනු ලැබීය. ඇන්ඩි ද සිල්වාගේ මහතාගේ නායකත්වය යටතේ Hotel Emporium ඉතා සුළුවෙන් ආරම්භ කොට ගෝලීය කර්මාන්තයේ ප්‍රමුඛයකු දක්වා වර්ධනය වී ඇත. 2003 දී ආරම්භ කරන ලද මෙම සමාගම මේ වන විට ලොව පුරා හෝටල් 20,000 කට අධික ප්‍රමාණයකට සේවා සපයන අතර රටවල් 40 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. සුඛෝපභෝගිත්වයට හෝ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි තිරසර බව අවධාරණය කරන, සමාගමේ පරිසර හිතකාමී සුව පහසුකම් එකතුව ආගන්තුක සත්කාර කර්මාන්තය තුළ සුවිශේෂී වේ.