රාංචී නුවර දී පැවැත්වෙන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය සහ ගුවාමී නගරයේ දී ක්‍රියාත්මක කෙරෙන ආසියානු ශූරතා තරගාවලිය මෙන්ම කොරියාවේ දී සහ චීනයේ දී පැවැත්වෙන ලෝක සහාය දිවීමේ තරගාවලිය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා පිරිමි මීටර් 400×04 සහාය දිවීමේ කණ්ඩායම තෝරා ගැනීම උදෙසා පරීක්ෂණ තරගයක් සංවිධානය කර තිබේ.
මෙම පරීක්ෂණ තරගය එළඹෙන අප්‍රේල් මස 19 වන දින පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.
මේ අතර වාරයේ දී මෙරට පිරිමි මීටර් 400 කෙටි දුර ජවන ඉසව්ව වර්ණ ගන්වන කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන ඔස්ටේ්‍රලියාවේ දී ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීමට සුදුසුකම් ලබා සිටිති. එම තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන මීටර් 400×4 සහාය දිවීමේ පරීක්ෂණට සහභාගිවීමට නියමිතය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර