වතිකානු තානාපති කාර්යාලයට ගොස් ජනපති ශෝකය පළ කරයි…

10

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ

ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N Udaigwe) අගරදගුරුතුමන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව එතුමා සමග කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක් තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.


advertistmentadvertistment