වතුර බිල වැඩි කරන්න මෙතෙක් කිසිම තීරණයක් ගෙන නෑ – ඇමැති අනුර කරුණාතිලක

3

පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් මෙතෙක් තීරණයක් හෝ කිසිම සාකච්ඡාවක් සිදුකර නැතැයි ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

ඉදිරියේදී විදුලි බිල ඉහළ යෑම මත ජල ගාස්තු ද ඉහළ යනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද කීය.

විපක්ෂනායක තුමා මීට පෙර විදුලි බිල සියයට 35 කින් වැඩිවෙනවා කිව්වා. නමුත් දැන් වැඩිවෙලා තියෙන්නේ සියයට 18කින්. ජල විදුලිය ගැන නොවෙයි පානීය ජලය ගැනයි මම කතා කරන්නේ. මම බොහොම වගකීමෙන් කියන්න කැමතියි පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් කිසිම සාකච්ඡාවක් සිදුවෙලා නෑ. මම විශ්වාස කරනවා අපට එහෙම ජල ගාස්තුව වැඩි කරන්න වෙන එකක් නෑ කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment