95 වන වරටත් වීථි සංචාරය කරන පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ මිහිඳු මහ පෙරහැර

55

පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන ශ්‍රී දේවානන්ද වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී කොළඹ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය

පෙතිගමුවේ රාහුල හිමිපාණන් වහන්සේ විසින් 95 වන වරටත් මෙම මිහිඳු මහ පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පෙරහැර ලංකාවේ පැරණිම පෙරහැරක් වන අතර, 1921 වර්ෂයේදී ශ්‍රී දේවානන්ද මාහිපාණන් වහන්සේ, මහින්ද පූජෝත්සව සමිතිය සමග එක්ව පිළියන්දල තුම්බෝවිල මිහිඳු මහ පෙරහැර ආරම්භ කර ඇත.

විහාරාධිපතිව වැඩ වසන පෙතිගමුවේ රාහුල හිමියන් විසින් ආගමට, විහාරස්ථානයට, ගමට කෙරෙන අභිවෘද්ධිය මෙපමණකැයි කියා නිම කළ නොහැක. උන්වහන්සේ තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කරනු ලබන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකි. දේශීය කලාව ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම සඳහා දරු දැරියන්ගේ කලා කුසලතා ඔප්නැංවීම සඳහා උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් යුත්

ශ්‍රී රාහුල කලායතනය පවත්වාගෙන යන අතර තව ද කුඩා ළමුන්ගේ නැණස පාදාලීම සඳහා නැන්තෝ පෙර පාසල නමින් පෙර පාසලක් පවත්වාගෙන යයි. එපමණක් නොව, රාහුල හිමියන්ගේ අනුශාසකත්වයෙන්, වෛi අසේල මහතාගේ මෙහෙයවීමෙන් හා සුකී පදනමේ අනුග්‍රහය ලබමින් පවත්වාගෙන යනු ලබන අක්ෂි සායනය (ඇස්වලට කාච ලබාදීම) පැවැත්වීම සඳහා රාහුල හිමියන්ගේ වියදමින් තම දෙමාපියන්ට පිං පිණිස නව ගොඩනැඟිල්ලක් සාදා නිම කරන ලදී. එම සායනයට පැමිණෙන අයට කෑම්-බීම්, ඉඳුම්-හිටුම් පවා සකසා දෙනු ලබයි. දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන් හට මාස 06 ක් සඳහා එස් ඕ එස් සංවිධානය සමඟ එක්ව පාසල් උපකරණ, ආහාර ද්‍රව්‍ය බෙදාදීම, එම අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආහාර මලු බෙදාදීම, වැනි ඉතා භාරදූර කර්තව්‍යයක යෙදෙන හිමිපාණන් වහන්සේ නමකි.

අප හිමිපාණන් වහන්සේ යම් දෙයක් කරන්නට සිතුව ද එය සිතුවාටත් වඩා හොඳින් කිරීමේ හැකියාව, ගුණය, අවබෝධය උන්වහන්සේට ඇති බව නොරහසකි. එය උන්වහන්සේගේ වාසන ගුණ බල මහිමයයි.

මෙවර විහාරස්ථානයේ පෙරහැර පවත්වනු ලබන්නේ ඉතා උත්කර්ෂවත් අන්දමින් වන අතර 2023 ජූලි 15 දා සවස 7.00 ට පෙරහැර පිළියන්දල නගරය මධ්‍යයේ වීථි සංචාරය කෙරේ. නර්තන අංගයන් විශාල ප්‍රමාණයක් ඇතුළත් වන අතර විෂ්ණු දේවාලය ඇතුළු දේවාල 7 ක පෙරහැර ද ඊට ඇතුළත් වේ. අලි-ඇතුන් විශාල සංඛ්‍යාවකින් මෙවර පෙරහැර සමන්විත වේ.

පුරා වසර 95 ක් නොකඩවා පවත්වාගෙන එනු ලබන මෙම මිහිඳු පෙරහැර පිංකම් මාලාව 2023 ජූලි මස 03 වන දා සිට ජූලි 15 වන දා තෙක් පැවැත්වෙන බව දන්වා සිටිමු. එම මස 13 වන දින සර්ව රාත්‍රික පිරිත් දෙසුමක් පවත්වනු ලබයි. අප විහාරාධිපති හිමියන් හට අත්දැකීම් සම්භාරයක් ඇති බව නොරහසකි. උන්වහන්සේට නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සසුනඹර දිදුලවමින් රටට, දැයට, ආගමට වඩාත් සේවයක් කිරීම පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා.

ජාතියේ පිනට පහළ වූ පංච මහා විහාරාධිපති අතිපූජ්‍ය පෙතිගමුවේ රාහුල හිමියන් තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය, වේරහැර ගංගාරාම පුරාණ විහාරය, තිත්තපත්තර දක්ෂිණගිරි විහාරය, තුම්බෝවිල සද්ධර්මාරාම විහාරය හා හිරිපිටිය පුරාණ විහාරය යන විහාරයන්හි විහාරාධිපති, ජාත්‍යන්තර එස් ඕ එස් සංවිධානයේ නියෝජ්‍ය සභාපති හා ගම්මාන කමිටුවේ සභාපති හා අධ්‍යක්‍ෂ, ‘මෙත්නෙත’ අක්ෂි සායනයේ සභාපති, ශ්‍රී මහා මහින්ද පූජෝත්සව සමිතිය, දායක සභාව හා යශෝදරා කුලඟන සමිතියේ ප්‍රධාන පැවිදි අනුශාසක, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය පෙතිගමුවේ රාහුල හිමිපාණන් වහන්සේට දිගාසිරි!

නලින් වෙල්ගම
බස්නායක නිලමේ
(අයි. ඩී. එල්. සමූහයේ සභාපති)

advertistmentadvertistment
advertistmentadvertistment