වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 738 ක් ඇතත් ඒවායින් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 32 ක් පමණකැයි වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව අඩවි ආරක්‍ෂක තනතුරු 20 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 12 ක් සීමිත බඳවා ගැනීමේ පදනම මත බඳවාගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.
දැනට වන සත්ත්ව අඩවි ආරක්‍ෂක තනතුරු 164 ක්, වන සත්ත්ව අඩවි සහකාර තනතුරු 123 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 451 ක් පුරප්පාඩුව පවතින බවද ඇමැතිවරිය කීවාය. මේ අතර 2022 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් කෝටි 186 ඉක්මවා ඇතැයිද (රුපියල් මිලියන 1,864) 2023 වසරේ ජුනි මාසය වන විට එම සත්වෝiානවලින් ලැබී ඇති ආදායම රුපියල් කෝටි 161 ක් ඉක්මවා ඇතැයිද (රුපියල් මිලියන 1,612) අමාත්‍යවරිය සඳහන් කළාය. 2023 වසරේ ජූලි 31 වැනිදා වන විට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝiාන වෙත දේශීය සංචාරකයන් 1,197,254 දෙනකුද විදේශ සංචාරකයන් 71,344 දෙනකු පැමිණ ඇතැයිද පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
උපාලි ද සේරම්