වන්නි මෙහෙයුමේ ජෙනරාල්ලාට සම්බාධක දාන්න සුකී ගෙන් ගැටයක්

608

වන්නි මෙහෙයුම කි‍්‍රයාත්මක කළ සියලූම හමුදා ජෙනරාල්වරුන්ට එරෙහිව බි‍්‍රතාන්‍යයේ මැග්නිට්ප්කි පනත තුළින් වහාම සම්බාධක පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරිනියක් වූ යස්මිත් සුකා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම සඳහා ජාත්‍යන්තර නීතිවේදී චාලි ලබුටන් නීති උපදේශක නිර්දේශ කර තිබේ. මැග්නිට්ස්කි පනත අනුව බටහිර රටවල ඕනෑම ගුවන් තොටුපළක දී අදාළ අය අත්අඩංගුවට

ගැනීමට හැකිය. එසේම විදේශ බැංකුවල

ගිණුම් ඇත්නම් ඒවා තහනම් කිරීම සහ වීසා බලපත් ලබාදීම නතර කළ හැක.

හමුදා ජෙනරාල්වරුන්ට අදාළව පිටු 100ක වාර්තාවක් සුකා විසින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එහි ප‍්‍රධාන ජෙනරාල්වරු දෙදෙනා ලෙස හිටපු හමුදාපති ජගත් ජයසූරිය සහ වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත.

බි‍්‍රතාන්‍යයේ ලිබරල් ඩිමෝක‍්‍රටික් පක්ෂය එම ඉල්ලීම අනුමත කර තිබේ.

වන්නි මෙහෙයුමේ සියලූම හමුදා ජෙනරාල්වරුන්ට තහනම් පනවන ලෙස සුකා මුල්වරට ඉදිරිපත් කළ වාර්තාව මෙයයි.

කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment