වවුනියාව විද්‍යා පිඨයේ උණ වැළඳුණු තවත් ශිෂ්‍යයෙක් මරුට

537

වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ඉගෙනුම ලබමින් සිටි පළමු වසර ශිෂ්‍යයකු හදිසියේ පෙරේදා (18 දා) මියගොස් තිබේ.

මඩකලපුවේ පදිංචි අසීස් නමැති විසිඑක් හැවිරිදි මෙම සිසුවා නේවාසිකාගාරයේ සිටියදී හදිසියේම උණ රෝගය වැළඳී ඇති අතර වහාම ඔහුව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහු ඒ වනවිටත් මියගොස් තිබේ.

මීට මාස පහකට පමණ ඉහතදීද මේ අන්දමටම වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවෙකු මියගිය අතර ඔහුගේ මරණයට හේතුවද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නොමැත. මෙවර මියගිය මඩකලපුවේ සිසුවාගේ මළසිරුර පරීක්ෂණ කටයුතුවලින් පසුව දෙමව්පියන්ට භාර දීමට නියමිතය. වවුනියාව මහරම්බකුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ


advertistmentadvertistment